Wednesday, February 26, 2025

General line - 0115112241

සුසිල්, අනුර, නිමල් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20ක් ශ්‍රිලනිප නව සන්ධාන මංගල රැලියට



ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා නව සන්ධාන පාර්ශව විසින් ඒකාබද්ධව පැවැත් වූ මංගල රැලිය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙකු සහභාගී වී තිබෙනවා.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, නලින් ප්‍රනාන්දු ඒ අතරට අයත්.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලන්සා, ජෝන් සෙනවිරත්න, චාමර සම්පත් දසනායක, ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසක් ද මංගල රැලිය සඳහා එක්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. “

එක්ව පෙරට - දිනුම රටට” යන තේමාව යටතේ අමාත්‍ය මහින්ද අමරවීර විසින් අම්බලන්තොට නගරයේ සංවිධානය කර තිබූ එම රැලිය සඳහා විශාල පිරිසක් එක්ව තිබෙනවා.

ඉදිරියේදී මෙම වැඩපිළිවෙල ශක්තිමත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකින් යුත් පුළුල් සන්විධානයක් ගොඩනගන බවයි සන්ධාන නායකයින් එහිදී ප්‍රකාශ කළේ.

මේ රැලිය ඇමතූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත.


වෙනත් දේශපාලන පක්ෂ සමඟ සම්බන්ධ වූ මන්ත්‍රීවරුන්ටද යළිත් සිය සන්ධානය සමඟ එක්වන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී ඉල්ලීමක් ද කළා.


රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ද එහිදී අදහස් පළකළා.