Wednesday, February 26, 2025

General line - 0115112241

වසා දැමුනු කොළඹ - නුවර මාර්ගය ගැන දැනුම් දීමක්



මේ අතර පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අවදානම් ගල් ඉවත් කිරීම හේතුවෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය එම ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේ සම්පූර්ණයෙන් වසාදමා දැමුනා.

ඒ අනුව ඊයේ රාත්‍රී 7.30 සිට අද උදෑසන 06.00 දක්වා එම මාර්ගය එලෙස වසා තැබුණු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ.

කෙසේවෙතත් අද දිනයේ එම මාර්ගය වසා දමනවාද නැද්ද සම්බන්ධයෙන් අදාළ බලධාරින් සමඟ සාකච්ඡා කර කඩිනමින් දැනුම් දෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.