Wednesday, February 26, 2025

General line - 0115112241

ජනපති ඉන්දියාව බලා පිටත් වෙයි 



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා 

ඒ අද (09) සවස පැවැත්වීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ නිල උත්සවයට සහභාගී වීමටයි.

දිවුරුම් දීමේ නිල උත්සවයට සහභාගී වන ලෙස ඒ මහතා විසින් සිදුකරන ලද ආරාධනයට අනුව බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ.

අගමැතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයේ පස්වරු 7ට පමණ රාෂ්ට්‍රපති භවන් ප්‍රදේශයේදී පැවැත්වෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරේ.

එසේම මෝදී සමඟ අමාත්‍යවරුන් 30 කට ආසන්න පිරිසක්ද දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. 

ඔහු වසර තුනක් පිටපිට මහමැතිවරණය ජයග්‍රහණය කල දෙවන අගමැතිවරයා වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ. 

කෙසේ වෙතත් නරේන්ද්‍ර මෝදීගේ ආරාධනයෙන් දිවුරුම් දීමේ උත්සවය සඳහා විදෙස් නායකයින් විශාල ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතව තිබෙනවා.