Wednesday, February 26, 2025

General line - 0115112241

විවාදය ගැන දෙපිළම කතා කරයි



සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය නායකයන් අතර සහ ආර්ථික කමිටු අතර විවාදයන් සම්බන්ධයෙන් දෙපාර්ශවයේම මන්ත්‍රීවරුන්  මේ දිනවල දේශපාලන වේදිකාවල විවිධ අදහස් පළකරමින් සිටිනවා.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේ විපක්ෂ නායකවරයා අපහසුතාවයකට ලක්කිරීමේ අරමුණින් සමගි ජන බලවේගයේ යම් කණ්ඩායමක් එම විවාදය යෝජනාව ගෙන තිබෙන බවයි. 


කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ පළමුව ආර්ථික කමිටු විවාදය පවත්වා පසුව නායකයින් අතර විවාදය පැවැත්විය යුතු බවටයි.