යාපනය, කන්නාතිට්ටි කෝවිල් පරිශ්‍රයේදී වයෝවෘද්ධ කාන්තාවකගේ රන්මාලය කොල්ලකෑ තරුණියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පවුම් පහකින් යුත් රන් මාලයක් සැකකාරිය විසින් එලෙස කොල්ලකා තිබූ බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණියක්.
එම කෝවිල් පරිශ්‍රයේ දී වයෝවෘද්ධ කාන්තාව සමග හිතවත් වී සැකකාරිය විසින් රන්මාලය කොල්ලකා පලා ගොස් තිබූ බවද පොලීසිය වැඩිදුරටත් පැවසුවා.