Wednesday, February 26, 2025

General line - 0115112241

හිරුණිකාට එරෙහි පැමිණිල්ලක් කල් යයි

උදය කුමාර



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලක් ඔක්තෝබර් මස 21වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

පසුගිය වසරේ ජාත්‍යන්තර කාන්තා දිනයේ කොළඹ කුරුඳුවත්ත පොලිස් වසම තුළ  මාර්ග අවහිර කරමින් මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළේ යැයි  පොලීසිය විසින් මෙම පැමිණිල්ල ගොණුකර තිබුණා.

පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කොට විමර්ශන ගොනු උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.

නීතිපති උපදෙස් ලැබීමෙන් අනතුරුව මෙම නඩුකරය සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ග ගන්නා බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව පැමිණිල්ල  ඔක්තෝබර් මස 21 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළා.