මහනුවර - දිගන ප්‍රධාන මාර්ගයේ කෙන්ගල්ල ප්‍රදේශයේදී මාර්ගය මතට ගසක් කඩා වැටී තිබෙනවා.
එම අවස්ථාවේ මාර්ගයේ ධාවනය වූ පාසල් වෑන් රථයක් අනතුරෙන් වළක්වා ගැනීමට කටයුතු කිරීමේදී රියදුරුට වෑන් රථය පාලනය කිරීමට නොහැකිව මාර්ගය අසල තිබූ පැති බැම්මක ගැටී තිබෙනවා.
එහිදී වෑන් රථය තුළ සිටි රියදුරා, පාසල් ළමුන් තිදෙනෙක් සහ ගුරුවරුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වුණේ.