අද ගමට යන්න පුළුවන් ජවිපෙටද පොහොට්ටුවටද කියා තමා අසන බව ධීවර රාජ්‍ය අමාත්‍යය පියල් නිශාන්ත පවසනවා
මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ සවස මතුගම ගල්මත්ත ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී ඔහු පවසා සිටියේ මෙවැන්නක්
" අද ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම කියනවා පොහොට්ටුවට ගමට එන්න බැහැ කියලා.
ඇයි අපිට බැරි?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය දරන මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි මේ රටේ ජනතාවට අභය දානය දුන්න නායකයා රට සංවර්ධනය කරලා රටේ භීෂණය නැති කරලා මේ රට එක්සේසත් කරපු නායකයා මහින්ද රාජපක්ෂ.
ඒ නිසා මහින්ද රාජපක්ෂ කියන චරිතයට පුළුවන් ගමට ගිහිල්ලා මේ මැතිවරණ ව්‍යාපාර කරන්න.
ජනතා විමුක්ති පෙරමුණට තමයි එහෙම යන්න බැරි ඒගොල්ලන්ගේ අතීත යුගවල විවිධ අවස්ථාවන්වලදී මේ රටේ භීෂණය වපුරලා මේ රටේ ජනතාවගේ උදහසට ලක්වෙලා තියෙන්නේ ඒ අය."