අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමග සැකකරුවන් 05 දෙනෙකු ගල්කිස්ස පොලිස් වසමේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ලද තොරතුරු අනුව ගල්කිස්ස කොට්ඨාස බුද්ධි කාර්යංශය සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් සිදු කළ වැටලීම් දෙකකදීයි.
අදාළ පුද්ගලයින් ගල්කිස්ස තෙලවල සහ රත්මලාන යන ප්‍රදේශවලදී එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
එම වැටලීම්වලදී සැකකකරුවන් සන්තකයේ තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30යි මිලිග්‍රෑම් 800ක් සහ හෙරොයින් ග්‍රෑම් 11යි මිලි ග්‍රෑම් 100ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය මගින් ක්‍රියාත්මකයි.