Wednesday, February 26, 2025

General line - 0115112241

අද මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් වර්ජනයක් - ගුරුවරුත් වර්ජනයකට සැරසෙයි



ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ද යළි වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.

ඒ, වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඉටු කරන ලෙස බලකරමින්.

එහි පළමු අදියර ලෙස සියලුම කලාප අධ්‍යාපන කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් අද විරෝධතා මාලාවක් ද සංවිධාන කර තිබෙනවා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ මෙම උද්ඝෝෂණය සඳහා ගුරු - විදුහල්පතිවරු, ගුරු උපදේශකයින්, පිරිවෙන් ගුරුවරු පාසල් වේලාවෙන් පසුව අද උද්ඝෝෂණයක නිරත වන බවයි.


මේ අතර අද මධ්‍යම රාත්‍රී 12 සිට හෙට මධ්‍යම රාත්‍රී 12 දක්වා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර තිබෙනවා.

තැපැල් දෙපාර්තමේන්තුවට නවක සේවකයින් බඳවා ගැනීම නතර කිරීම සහ සේවක උසස්වීම් නතර කිරීමට එරෙහිව එම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ.


තැපැල් සේවකයින් මෙම වර්ජනය ආරම්භ කිරීමට සූදානම් වන්නේ දුම්රිය වර්ජනය හේතුවෙන් ජනතාව පීඩාවට පත් වී දින කිහිපයකට පසුවයි.