ශ්‍රි ලංකාව දැනට ක්‍රියාත්මක සියවසකට වඩා පැරණි කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීමට, නීතිමය රාමුව විධිමත් කිරීමට, සහ රැකියා ලෝකයේ සමකාලීන අභියෝගවලට විසඳුම් සෙවීමට කටයුතු කරමින් සිටිනා බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායකකාර පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ ජිනීවා හි පැවැත්වෙන ලෝක කම්කරු සම්මේලනයේ වාර්ෂික සමුළුව අමතමින්.
නව කම්කරු නීතියක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය සූදනමින් සිටිනා බවත්, නව නීතිය ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ ILO සම්මුති 189 ට අනුගත බවත්, මෙම පනත බලාත්මක කිරීමත් සමඟ ILO සම්මුතීන් 155 සහ 190 අපරානුමත කිරීමට අපි සැලසුම් කරනා බවත් අමාත්‍ය වරයා සම්මේලනය අමතමින් පවසා සිටියා.
අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ මෙවැන්නක්
''ශ්‍රී ලංකාවේ තේ වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට පසුගිය කලයේ පත්වූ සෑම රජයක්ම උත්සහ ගත් නමුත් එය සාර්ථක වුනේ නෑ. පසුගිය මාසයේදී අපි ඔවුන්ගේ වැටුප් 70% කින් වැඩි කළා . එය පසුගිය වසර 200 තුළ ඔවුන් ලැබූ ඉහළම වැටුප් වර්ධකයයි.
ශ්‍රී ලංකා රජය, ILO සම්මුතිය 102 හි දක්වා ඇති පරිදි, පුළුල් සමාජ ආරක්ෂණ පද්ධතියක වැදගත්කම පිළිබඳව අපි විශ්වාස කරනා බව පවසන්නෙමු. ඒ අනුව ජාත්‍යන්තර කම්කරු සම්මෙලනයේ සහය ඇතිව අපි පුළුල් සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තියක් සකස් කරමින් සිටිමු.
තවද, අවිධිමත් අංශයේ සේවකයන්ට සමාජ සාධාරණත්වය ඉටුකිරීමේ ගමනක් මගේ අමාත්‍යාංශය ආරම්භ කර තිබෙනවා. "ගරු සරු " (Dignity of Labour) වැඩසටහනේ අරමුණ වන්නේ රට පුරා සිටින අවිධිමත් අංශයේ සේවකයින්ගේ පිළිගැනීම, ආරක්ෂාව සහ අභිමානය ඉහළ නැංවීමයි. මෙම වැඩසටහන යටතේ, අවිධිමත් අංශයේ සේවකයින් සංවිධානය කරනු ලබන අතර, රැකියා නියමයන් සහ කොන්දේසි තීරණය කිරීම සඳහා ඔවුන්ගේ වෘත්තීන් මත පදනම්ව ජාතික මට්ටමේ සභා පිහිටුවනු ඇත.
මම මෙහි පැමිණ සිටින නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි සෑම ආකාරයකින්ම මෙම වැඩසටහනට සහය දෙන ලෙසයි.''