සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ගොඩගැසී තිබූ ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණය බෙදා හැරීමේ කටයුතු අද සහ හෙට දින තුළ නිම කරන බව ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව පවසනවා.
එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අසනීප නිවාඩු වාර්තා කළ තැපැල් සේවකයන් ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට යළි සේවයට වාර්තා කළ බවයි.
එක්දින වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට බලපෑ හේතු සම්බන්ධයෙන් ද ඔහු අදහස් පළකළා.