Friday, April 18, 2025

General line - 0115112241

පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි පුද්ගලයින් 06ක් අත්අඩංගුවට



වීරවිල, ගල්කන්ද ප්‍රදේශයේ විහාරස්ථානයක පුරාවස්තු සොයා කැණිම් සිදු කරමින් සිටි පුද්ගලයින් 06 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.

එහිදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් නොටොල්පිටිය, කෑගල්ල, බණ්ඩාරගම, විරවිල සහ කොස්ගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

පුරාවස්තු සොයා කැණිම් කිරීමට භාවිතා කළ උපකරණ සමඟ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වීරවිල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.