Thursday, February 27, 2025

General line - 0115112241

මන්ත්‍රී ගුණතිලකට එරෙහිව නඩු පැවරීමට මහින්දානන්ද සැරසෙයි

රංජිත් රාජපක්ෂ



තමන් විසින් පහරදි තුවාල සිදු කල බවට අසත්‍ය චෝදනා කිරිම සම්බන්ධයෙන් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාට සහ ඔහුගේ පුත්‍රයාට එරෙහිව ඔහුට එරෙහිව නිතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ ඊයේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ තමන්ට පහරදීමට අදාළව දැනට සිදුකෙරෙන පොලිස් විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි.

ඒ අනුව තමන් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව මන්ත්‍රීවරයා එහිදී කියා සිටියා. 

කෙසේවෙතත් නාවලපිටිය ප්‍රදේශයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ තමන්ට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසට සිය නීතීඥවරයාට උපදෙස් ලබාදුන් බවයි.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ.