Saturday, March 29, 2025

General line - 0115112241

පොසොන් පොහොය වෙනුවෙන් අනුරපුර පාසල් කිහිපයකට දින තුනක විශේෂ නිවාඩුවක්

එම් එම් පී ජී පෙරේරා



පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරය, මිහින්තලය සහ තන්තිරිමලය යන ප්‍රදේශවල පාසල් එකොළහක් ලබන 18 සිට 20 වනදා දක්වා  වසා දැමීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ, පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ රාජකාරි සඳහා පැමිණෙන පොලිස් නිළධාරින්ට පහසුකම් සැලසීම සඳහා එම පාසල් භාවිතා කිරීම හේතුවෙන්.

ඒ අනුව  අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, ස්වර්ණපාලි  ජාතික පාසල,  වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය,  නිවත්තකචේතිය ජාතික පාසල සහ සහීරා ජාතික පාසල එලෙස වසා දැමෙන පාසල් කිහිපයක්.

එමෙන්ම විවේකානන්ද මහා විද්‍යාලය, දේවානම්පියතිස්ස පුර මහා විද්‍යාලය, මහබෝධි විද්‍යාලය, මිහින්තලය කමිමලක්කුලම විද්‍යාලය සහ තන්තිරිමලය විමලඥාණ මහ විද්‍යාලය ද ලබන 18 සිට 20 වනදා දක්වා එලෙස වසා දැමෙනවා.