ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එලඹීමට ගෙන තිබූ තීරණය ලබන 18වනදා පස්වරු 04 දක්වා තාවකාලිකව අත්හිටවූ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න නෙත් නිවුස් වෙත පැවසුවේ සිය ගැටළු පිළිබඳ වැඩ බලන ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණයට එළඹි බවයි.
වැඩ බලන ප්‍රවාහන අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් සිය ගැටළුවලට විසඳුම් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියා.
වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට බලපෑ හේතු සම්බන්ධයෙන්ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න අදහස් පළකළා.