Thursday, February 27, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාවට බංකොලොත් බවින් ඉවත් වීමට හැකි කාලය ජනපති කියයි



ශ්‍රී ලංකාවට නිල වශයෙන් ණය ලබාදී ඇති රටවල කමිටුව ලබන සතියේ රැස්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එම රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට බංකොලොත් බවින් ඉවත් වීමට හැකියාව ලැබෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

හලාවත, කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළා.  

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කරන බවයි.