යුක්තිය මෙහෙයුම ආරම්භ කර මාස 06ක කාලයක් තුළදී මෙරට අපරාධ සියයට 23කින් පමණ අඩු වී ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.
මෙම වසර අවසන් වීමට පෙර එය සියයට 50 දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කරන බවයි පොලිස්පතිවරයා බස්නාහිර පළාතේ දකුණ දිසාවේ ක්‍රියාත්මක වූ ‘සුවසාර කැදැල්ල’ ප්‍රජා පාදක පුනරුත්තාපන වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් කියා සිටියේ.
එම අවස්ථාවට එක් වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේ පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩලීමේදී කිසිදු බලපෑමකට තමන් යටත් නොවන බවයි.