පොලිස් ජිප් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් තණමල්විල දී අනතුරක්.පුද්ගලයකුට බරපතළ තුවාල සිදුවී තිබෙනවා.
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල නගර ආසන්නයේ දී ඊයේ රාත්‍රි විශේෂ රාජකාරි සදහා පැමිණි පොලිස් ජිප් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙන්නේ.
පොලිස් ජිප් රථයේ පසුපස ලොරි රථය ගැටී ඇති අතර අනතුරින් ලොරි රථයේ රියදුරු බරපතළ තුවාල ලබා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබු බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
මෙසේ තුවාල ලබා ඇත්තේ තණමල්විල ගාමිණි පුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පනස් එකක පුද්ගලයකු වන අතර අනතුර සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.