ප්‍රදේශ කිහිපයකට නැවත දැනුම් දෙන තුරු ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වන්නේ.
හයිලෙවල් මාර්ගයේ ගොඩගම මංසන්දිය ආසන්න ප්‍රදේශයක දී මෝටර් රථයක් කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය රැගෙන යන ජල නලයේ වැදී නලය පුපුරා යාම හේතුවෙන් ජල සැපයුම අත්හිටුවා ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියේ
අද (17) අලුයම මෙම අනතුර සිදුවී ඇති අතර අදාළ අනතුර සිදුවී ඇති අතර අනතුරට පත් මෝටර් රථයේ ගමන් කරමින් සිටි සිව් දෙනා සුළු තුවාල ලබා හෝමගම මුලික රෝහලට ඇතුලත් කර තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු සස්න්දහන් කර සිටියේ.