කළුතර නගරයේ පදික මාරුව මතින් පාර මාරුවෙමින් සිටි පුද්ගලයෙකු චීන ජාතිකයින් පිරිසක් ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයක ගැටී මිය ගොස් තිබෙනවා.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ කළුතර නාගොඩ සංදර්ශනාරාම පාරේ පදිංචිව සිටී වත්ත වඩුගේ සදුන් අරවින්ද නමැති (46) හැවිරිදි පුද්ගලයෙකු බවයි කළුතර දකුණ පොලිසිය පවසන්නේ.
මෝටර් රථය පැදවූ චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකාර චීන ජාතිකයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කර සිටියේ
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කළුතර දකුණ පොලිසිය විසින් සිදුකරනු ලබනවා.