Sunday, March 30, 2025

General line - 0115112241

නව පරිසර පනත් කෙටුම්පතක් ළඟදීම මැති සබයට



පරිසර පනත යාවත්කාලීන කර දේශගුණ විපර්යාස පනත සමඟ නව පනත් කෙටුම්පතක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

පවතින අඩුපාඩු නිවැරදි කරමින් පරිසරය ආරක්ෂා කිරීම සඳහා නව පනත් කෙටුම්පත සකස් කරන බවයි පරිසර රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.


පරිසරය ආරක්ෂා කිරීම සඳහා පැනවූ රෙගුලාසි ආපසු හැරවීමට කටයුතු නොකරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී ඇති බවද පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසුවේ.