Thursday, February 27, 2025

General line - 0115112241

රටේ ආර්ථිකය වර්ධනය වූවත් එහි වාසිය ජනතාවට ලැබෙනවාද ?

නිහාල්සිරි ගම්ලත්



2024 පළමු කාර්තුව තුළදී මෙරට ආර්ථිකය සියයට 5යි දශම 3ක වර්ධනයක් වාර්තා කරද්දී, කර්මාන්ත අංශයද සියයට 11යි දශම 8කින් වර්ධනය වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එවන් පසුබිමක් තුළ මෙරට ආර්ථික වැඩපිළිවෙල පිළිබඳ සුභවාදී අපේක්ෂාවන් තබාගත හැකි බවයි දෙහිඕවිට, තිඹිරිපොල ප්‍රදේශයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.


රටේ ආර්ථිකය වර්ධනය වූවද එහි වාසිය ජනතාවට ලැබෙන්නේ දැයි මාධ්‍යවේදියෙකු මෙහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගෙන් විමසීමක් කළා.