මාලිගාවත්ත පොලිස් වසමේ සිදුකල හදිසි වැටලීමකදී හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මාලිගාවත්ත පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකල වැටලීම්වලදීයි.
මැල්වත්ත ප්‍රදේශයේදී සහ සමාධි විහාරස්ථානය අසලදී එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 21යි මිලි ග්‍රෑම් 500ක්. අත්අඩංගුවට ගනු ලැබුවේ මාලිගාවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකු බවයි පොලිසිය පැවසුවේ.