Monday, May 12, 2025

General line - 0115112241

වෙසක් සමරන්න ඇද්ද අනාරක්‍ෂිත විදුලි රැහැනේ පැටලී දැරියක් ජීවිතක්‍ෂයට - ආරක්‍ෂිතව සැමරුම් කරන්නැයි සෞඛ්‍ය අංශවලින් උපදෙස්

බිමල් ශ්‍යාමන



වෙසක් සැරසිලි සඳහා අදින ලද අනාරක්ෂිත විදුලි රැහැනක පැටලී 09 හැවිරිදි  දැරියක් මිය ගොස් ඇති බව මොරගහහේන පොලිසිය පවසනවා. 

එලෙස මියගොස් ඇත්තේ මොරගහහේන පාදුක්ක පාර මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 05  ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ දැරියක්. 

අනතුර සිදුවන අවස්ථාවේ දැරිය නිවස ඉදිරිපිට පාපැදියක් පදිමින් සිට ඇති අතර මව මුළුතැන් ගෙයි වැඩ කටයුතු වල නිරතව සිට ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

පාපැදිය පදමින් සිටියේ දරුවා එකවරම කෑ ගසන සද්දයක් ඇසීමත් සමගම මව මුළුතැන් ගෙයින් නිවස ඉදිරිපිටට ගොස් ඇති අතර යාබද නිවසක පදිංචි ඥාතියෙක් පාපැදිය මත බිම වැටී සිටි දරුවා, අසල තිබූ විදුලි රැහැනට පොල්ලකින් පහරදී ඉවත්කර තිබෙනවා. 

පසුව දරුවා පාදුක්ක රෝහල රැගෙන ගොස් ඇතත් දැරිය ඒ වන විටත් ජීවිතක්‍ෂයට පත්ව සිටි බවයි පොලීසිය පැවසුවේ.
 

මේ අතර වෙසක් සැමරුම් සිදු කිරීමේදී ආරක්‍ෂාකාරීව කටයතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යාණි ද සොයිසා මහත්මිය පවසනවා. 
 

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ දරුවන් විසින් සිදු කරනු ලබන වෙසක් සැරසිලි සම්බන්ධයෙන් දෙමාපියන් දැඩි අවධානයෙන් සිටිය යුතු බවයි.