කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය රැගෙන එන නළයේ පිලිසකර කිරීම් කටයුතු අවසන් කිරීමෙන් පසු අද මධ්‍යම රාත්‍රිය වන විට ජල සැපයුම ලබාදීමට හැකිවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
එතෙක් ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තේගොඩ ප්‍රදේශවලට තවදුරටත් ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය පැවසුවේ.
කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය රැගෙන එන නළය පුපුරා ගොස් තිබුනේ අද අලුයම 02ට පමණයි.
ඒ, හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී මෝටර් රථයක් එම නළයේ ගැටී සිදුවූ අනතුරක් හේතුවෙන්.
නළය පුපුරා යාමත් සමඟ ගොඩගම, ඇතුළු අදාළ ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය විසින් පියවර ගනු ලැබුවා.
ඒ අනුව පුපුරා ගිය ජල නළය පිළිසකර කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බවද එම මණ්ඩලය වැඩිදුරටත් පැවසුවා.