Thursday, February 27, 2025

General line - 0115112241

ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටී 15ක් මරුට



ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේදී දුම්රිය දෙකක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් තවත් පුද්ගලයින් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මගී ප්‍රවාහන අධිවේගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එලෙස අනතුරට ලක්ව තිබෙනවා.

මියගිය පිරිස අතර දුම්රිය සේවකයින් තිදෙනෙකු ද වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කන්චන්ජුන්ගා අධිවේගී මගී ප්‍රවාහන දුම්රිය ඇසෑම්හි සිල්චාර් සිට කොල්කටා බලා ධාවනය වෙමින් තිබුණා.

පසුපසින් ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය අධිවේගී මගී ප්‍රවාහන දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි එරට දුම්රිය බලධාරින් පවසන්නේ.