2010 වසරේ දී ඝාතනයට ලක් වු ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ දෙමටගොඩ කමල්ගේ ගිනි අවි දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හොරණ හා හංවැල්ල යන ප්‍රදේශවලදී සිදු කළ වැටලීම්වලදීයි.
එම වැටලීමේදී, ඝාතනයට ලක්වූ දෙමටගොඩ කමල් නැමත්තා සතුව තිබූ චෙකොස්ලෝවැකියාවේ නිෂ්පාදිත අති නවීන මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල දෙකක් හා එම අවියට යොදන පතොරම් 02ක් ද සොයා ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 46 සහ 55 යන වයස්වන පසුවන හොරණ සහ පහල හංවැල්ල ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන හොරණ හා හංවැල්ල පොලිස් ස්ථාන වෙත භාර දුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළා.