Thursday, February 27, 2025

General line - 0115112241

තැපෑලේ පාඩුව මිලියන 7,000ක් - 50 මුද්දරය 100ක් වෙයි



තැපැල් මුද්දරයක අවම මිල රුපියල් 100 දක්වා වැඩිකිරීමට යෝජනා කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට පවසනවා.

මේ වන විට මුද්දරයක අවම මිල රුපියල් 50ක්.

එය 2022 වසර වන තෙක් පැවතියේ රුපියල් 15ක් ලෙසයි.

ඒ අනුව වසර දෙකක් තුළ මුද්දරයක මිල ඉහළ යන දෙවන අවස්ථාව මෙය වනවා.

අදාළ යෝජනාව භාණ්ඩාගාරයේ අනුමැතිය සඳහා මේ වන විටත් යොමු කර තිබෙනවා.

නෙත් නිවුස් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට පැවසුවේ තැපැල් දෙපාර්තමේන්තුව දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවන බවයි.

පසුගිය වසර 07ක් පමණ අඛණ්ඩව තැපැල් දෙපාර්තමේන්තුව වසරකට රුපියල් මිලියන 7,000ක පමණ පාඩුවක් ලබා ඇති බව ලේකම්වරයා පැවසුවා.

එය ක්‍රමයෙන් රුපියල් මිලියන 3,000ක් දක්වා අඩු කර ගනිමින් සිටින නමුත් එම පාඩුව දරා ගැනීමට නොහැකි බවයි ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට වැඩිදුරටත් පැවසුවේ.