Thursday, February 27, 2025

General line - 0115112241

ඉන්දීය විදේශ ඇමතිවරයා ප්‍රමුඛ දූත පිරිස දිවයිනට පැමිණෙයි



ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ දිවයිනට පැමිණියා.

කටුනායක ගුවන් තොටුපළේදී විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රමුඛ ඉන්දීය දූත පිරිස හරසරින් පිළිගැනුනා.

සිය සංචාරයේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන යන මහත්වරුන් හමු වී සාකච්ඡා කිරීමට නියමිතයි.

එමෙන්ම විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.