Thursday, February 27, 2025

General line - 0115112241

පොසොන් වෙනුවෙන් දන්සැල් 20,000ක් - වැඩිම උතුරුමැද

ජූඩ් සමන්ත



පොසොන් උත්සවය වෙනුවෙන් දිවයින පුරා පැවැත්වෙන දන්සැල් 18,207ක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

ඉන් වැඩිම දන්සැල් ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇත්තේ උතුරු මැද, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලයි.

ලියාපදිංචි නොවූ පිරිස්ද දන්සැල් දීමේ සූදානමක් ඇති බැවින් පොසොන් උත්සවය වෙනුවෙන් දිවයින පුරා දන්සැල් 20,000ක් පමණ සංවිධානය වනු ඇති බවයි ඔහු පැවසුවේ.

මේ අතර මෙවර පොසොන් පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විවෘත අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට දින තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන  පරිදි ලබා දීමට අවස්ථාව සලසා දෙනු ඇති.