Friday, May 9, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගයේ තවත් තරගයක් අද



ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගයේ තවත් තරගයක් අද පැවැත්වෙනවා.       

ඒ, සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතරයි. 

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පෙරවරු 10.00ට එම තරගය ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලියේ මෙතෙක් පැවති තරග තුනෙන් දෙකක් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව සිටිනවා. 

දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙතෙක් සහභාගී වූ තරග තුනෙන්ම පරාජයට පත් වුණා.