කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා. එම පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග ගෙන ආ සංශෝධනයකට ඡන්දයක් පැවති අතර ඊට පක්ෂව ලැබුණේ ඡන්ද 05ක් පමණයි.
යෝජනාවට විරුද්ධව ඡන්ද 14ක් හිමි වුණා.
ඒ අනුව ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 09කින් පරාජයට පත් වුණා.
අදාළ සංශෝධන ඉදිරිපත් කරන අවස්ථාවේ සභාවේ ඇති වුණේ උණුසුම් තත්ත්වයක්.
පනත් කෙටුම්පතට අදාළව අද පැවති විවාදයේදී කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මෙලෙස අදහස් පළකළා.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය ද විවාදය එක්වුණා.
විවාදය අතරතුර විමල් වීරවංශ, දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ අතර ඇති වුනේ මෙවන් සංවාදයක්.