Sunday, March 30, 2025

General line - 0115112241

අධික උණුසුමෙන් ලොව රටවල් රැසකට පීඩා



මෙක්සිකෝවට සහ මධ්‍යම ඇමරිකාවට මේ දිනවල බලපා ඇති අධික උෂ්ණත්වය සියයට 35කින් පමණ වැඩි වීමට ඉඩ ඇති බවට ඇමෙරිකානු විද්‍යාඥයින් අනතුරු අගවා තිබෙනවා.

ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම තත්ත්වය 2000 වසරේදී ඇති වූ දේශකුණික තත්ත්වයට වඩා හතර ගුණයකින් වැඩි බවයි.

මෙම වාර්තාගත උෂ්ණත්වය හේතුවෙන් මෙක්සිකෝවේ පුද්ගලයින් 125 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එමෙන්ම තවත් පුද්ගලයන් දහස් ගණනක්ද අධික උෂ්ණත්වයෙන් පීඩා විදින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ලොව පුරා පොසිල ඉන්ධන දහනය සහ දේශගුණය උණුසුම් කරන හරිතාගාර වායූන් වායුගෝලයට මුදාහරින බැවින් අනාගතයේදී තවත් මිලියන සංඛ්‍යාත ජනතාවක් අනතුරුදායක මට්ටමේ උණුසුම් කාලගුණයකට නිරාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර මේ දිනවල පැතිරයන අධික උෂ්ණත්වය ඉන්දියාවටද බලපා තිබෙනවා.

ඒ අනුව මැයි මාසයේ සිට එරට ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ගොස් ඇති බවට සඳහන්.

විදෙස් මාධ්‍ය පවසන්නේ අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගල මරණ 20ක් පමණ වාර්තාවී ඇති බවයි. උෂ්ණාධික තත්ත්වය හේතුවෙන් මේ වනවිට විශාල පිරිසක් රෝහල් ගත කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. 

දිල්ලි අගනුවර රෝහලක වෛද්‍යවරයෙක් පවසා ඇත්තේ තමන් මීට පෙර මෙවැනි සිදුවීමක් දැක නොමැති බවයි.

තාප ආඝාතය සම්බන්ධයෙන් නව සායනයක් දිල්ලියේ ආරම්භ කළ දා සිට තාප ආඝාතය හේතුවෙන් පුද්ගලයන් 07 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

40කට අධික පිරිසක් ද එහි ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

අධික උෂ්ණත්වය හේතුවෙන් විදුලිය සඳහා වන ඉල්ලුමද විශාල වශයෙන් ඉහළ ගොස්  තිබෙනවා.

එම විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාගත නොහැකි බැවින් ඉන්දියාවේ විදුලිය ඇණහිටීම් නිරන්තරයෙන් සිදුවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.