Sunday, March 30, 2025

General line - 0115112241

කෝටි හතරක් වටිනා රන් බිස්කට් රැගෙන යාමට තැත් කළ ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට

ටී කේ ජී කපිල



රන් බිස්කට් 18ක් කටුනායක ගුවන් තොටුපොළෙන් රැගෙන යාමට තැත් කළ ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තොටුපොළ ආරක්ෂක නිලධාරිවරයෙකු ලෙස වසර 15ක කාලයක් සේවය කළ හක්මණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිය සේවා මුරය නිමාකර සිටියදී සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ වැසිකිළියක් තුළදී ගුවන් මගියෙකු ඔහුට එම රන් බිස්කට් තොගය ලබාදී ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

එහි වටිනාකම රුපියල් හාර කෝටි අසූ ලක්ෂයක් පමණ වන බවද  ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය පැවසුවා.

එම රන් බිස්කට් තොගය තොටුපොළෙන් පිට කිරීමට ඔහුට රුපියල් හැට දහසක මුදලක ලබාදීමට ද අදාළ ගුවන් මගියා පොරොන්දු වී තිබෙනවා.