Thursday, February 27, 2025

General line - 0115112241

ෆොන්සේකාගේ විවේචනවලට සජබයෙන් අදත් ප්‍රතිචාර

රංජිත් රාජපක්ෂ



සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක ධූරය ලබා නොදීම හේතුවෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා, විපක්ෂ නායකවරයා විවේචනය කරන බව දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් පවසනවා.

ඉදිරි ජනාධිපතිවරණයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජය ගන්නා බවත් ඊට බියවී ආණ්ඩුව සමඟ එක්ව සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා එලෙස විවේචන කරන බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.

හැටන්, වැලිඔය ප්‍රදේශයේ පැවති පක්ෂ රැස්විමකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මෙම අදහස් පළකළා.