සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 96 වන මහා සභාව සහ ඉදිරි වසර තුනක කාලය සඳහා නිලධාරි මණ්ඩලය පත්කර ගැනීම කල්දමා තිබෙනවා.
හදිසියේම නිකුක් වූ අධිකරණ වාරණ නියෝගයක් හේතුවෙන් එම කටයුතු කල්දැමූ බවයි එම සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
අදාළ කටයුතු අද දිනයේ පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණා.
සමස්ත සමාජයට නව ආදර්ශයක් සපයමින් එකඟතාවය හා අවබෝධය මත ඡන්ද විමසීමකින් තොරව සම්මුතික සංකල්පය අනුව නිලධාරින් පත්කර ගැනීම සාර්ථක කරගෙන අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ බවයි සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය සඳහන් කළේ.
ඉතා ඉක්මනින් අධිකරණයට කරුණු දක්වා නිකුත්ව ඇති ඒක පාර්ශවික තහනම් නියෝගය ඉවත් කර ගැනීමෙන් අනතුරුව මහා සභා රැස්වීම පවත්වා නිලධාරී මණ්ඩලය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවයි එම සම්මේලනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.