Saturday, April 12, 2025

General line - 0115112241

පුතාට එරෙහිව පොලීසි ගිය තාත්තා

ජේ ජෙයකුමාර්



සිය පුත්‍රයාට එරෙහිව පොලිස් කොස්තාපල්වරයකු විසින් රාජාංගනය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ඒ, නිවසේ තිබූ පොලිස් නිල ඇඳුමේ නිල අංක තහඩුව සහ නිල ඇඳුමේ බොත්තම් දෙකක් සොරාගෙන ගොස් ඇති බවට පවසමින්.

සාලියවැව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන පොලිස් කොස්තාපල්වරයෙකු එලෙස පැමිණිලි කර තිබෙනවා.

සැකකාර පුත්‍රයා නිවසෙන් පලාගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කළ බවත් රාජාංගනය පොලිසිය පැවසුවා.