මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය මස 13 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ දිනයේදී සැකකරුවන් 370 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, දිවයින පුරා සිදු කළ වැටලීම් 370කට අදාළවයි.
හෙරොයින් ග්‍රෑම් 144ක්, අයිස් ග්‍රෑම් 306ක්, ගංජා ග්‍රෑම් 418ක් සහ ගංජා ගස් 500ක් එම මෙහෙයුම්ලදී පොලිස් භාරයට ගෙන ඇති බව පොලීසිය පැවසුවා.
ඒ අනුව 149ක් වූ වැඩිම සැකකරුවන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් සම්බන්ධ සිද්ධීන් සම්බන්ධව බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.