රාජ්‍ය සේවයේ විධායක සේවා නිලධාරින්ට රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාවක් ගෙවීමට තීරණය කර තිබෙනවා.
ඒ, එම නිලධාරින්ට මෙතෙක් සේවා කාලය මත පදනම්ව ගෙවන ලද විශේෂ දීමනා වෙනුවට සේවා කාලය නොසලකා මෙම මාසික දීමනාව ගෙවීමට තීරණය වූ බවයි පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න පැවසුවේ.
ඒ, පසුගිය 24 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි. ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කරමින් අමාත්‍යංශ ලේකම්වරයා පෙන්වා දෙන්නේ ජූලි පළමුවනදා සිට එය ක්‍රියාත්මක බවයි.
මහා භාණ්ඩාගාරයේ එකඟතාව මත එම චක්‍රලේඛය නිකුත් කළ බව ද පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න වැඩිදුරටත් පැවසුවා.
අදාළ චක්‍රලේඛය නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ද ඇතුළත්.
කෙසේවෙතත් ඉහළ දැමූ එම දීමනාව සම්බන්ධයෙන් රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච් ඒ එල් උදයසිරි දැක්වූයේ මෙවන් අදහසක්.
මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ග්‍රාම නිලධාරීන් අද දිනයේ ද සියලු රාජකාරිවලින් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.
සිය ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පස්වරුවේ සාකච්ඡාවකට කැඳවා ඇති බවයි ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති නන්දන රණසිංහ පැවසුවේ.
රෙජිස්ටාර් නිලධාරීන්ද ඊයේ දිනයේ ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දිනයේ ද ක්‍රියාත්මකයි.
රෙජිස්ටාර් සේවයේ නිලධාරී සංගමයේ සභාපති සමන් ජයවර්ධන පැවසුවේ 2005 වසරේ සිට වසර 19ක් කිසිදු විධිමත් බඳවාගැනීමක් සිදු නොකිරීමට විරෝධය පළ කරමින් වර්ජනයේ නිරත වන බවයි.