බදුල්ල , බණ්ඩාරවෙල , ඇල්ල , හපුතල ,වැලිමඩ ප්‍රදේශය වලට බෙදාහරීම සදහා ගෙනා අයිස් පැකට් 440 ක් හෙරෝයින් පැකට් 1020 ක් සමග පුද්ගලයකු බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ දි අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට හැකිවී තිබෙනවා.
ඒ විශේෂ කාර්යංශයේ සහයෝගයෙන්
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සැකකරුවෙක්.
උපන්දින තෑග්ගක් පාර්සල් කරගෙන සිතියමක් ආධාරයෙන් කුඩු බෙදා හරිමින් සිටියදි මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර
ඔහු සතුව තිබී ලයිට් කණු අසල කුඩු පැකට් සගවා තැබීමට පොලව හැරීමට අත් සවලක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වැඩිදුර පරීක්ෂන සදහා රදවාගෙන ප්‍රශ්න කරන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ
විරාජ් ප්‍රනාන්දු බණ්ඩාරවෙල