Saturday, March 1, 2025

General line - 0115112241

දිවයිනේ ප්‍රදේශ කීපයක රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

ජුඩ් සමන්ත



දිවයිනේ ප්‍රදේශ කීපයක රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධින් වලට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකුව පුත්තලම කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් කොස්වත්ත,වාරියපොල,නොරචෝලේ, නාගෙල්ලාගම, දොරටියාව,සහ දැදිගම යන ප්‍රදේශ වලදී මෙම කොල්ලකෑම් සිදු කර ඇති බවයි සිදුකල විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් විසින් සොරකම් කර විවිධ ස්ථාන වලට උගස් තබා තිබූ රුපියල් කෝටි 2 ½ ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක්ද විමර්ශණ නිලධාරීන් විසින් තම බාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනෙකු කොස්වත්ත සහ නොරචෝලේ පොලිස් ස්ථාන වෙත බාර දීමට පුත්තලම කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශණ අංශය කටයුතු කර ඇත.