“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ වැඩිම ඔප්පු ප්‍රමාණයක් ලබාදීමට කටයුතු කරන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 25ක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක සුදුසුකම්ලාභීන් 41,960ක් අතුරින් පුද්ගලයන් 600කට සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
සින්නක්කර ඔප්පු ලබාදීමේ කටයුතුවලට ඇතැම් අවස්ථාවලදී නිලධාරින් පවා එයට විරුද්ධව අදහස් පළකළ බවත් තමන්ට ලබාදෙන සින්නක්කර ඔප්පුව සුරක්ෂිතව තබා ගන්නා ලෙසයි එම අවස්ථාවේදී ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.