Saturday, March 1, 2025

General line - 0115112241

පෙට්‍රල් හා සුපිරි ඩීසල් මිල අඩු වීමෙන් තැන තැන පෝලිම්

එන් ඒ ඩබ් නිරෝෂන්



පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල පහළ දැමුන ද කඩවත, කිරිබත්ගොඩ සහ මහර ඇතුළු ඇතැම් පිරවුම්හල් ආශ්‍රිතව වාහන පෝලිම් පවතින බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා.

ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන නොමැති බවට පුවරු ප්‍රදර්ශනය කර ඇති බවද වාර්තා වුණා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය වීම සැලකිල්ලට ගනිමින් පිරවුම්හල් හිමියන් ඉන්ධන තොග ඇණවුම් නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි වාර්තා වුණේ.