Tuesday, April 1, 2025

General line - 0115112241

මෙරට දෙවන රබර් පර්යේෂණ ආයතනය මොණරාගල කුඹුක්කනදී විවෘත වෙයි



මෙරට දෙවන රබර් පර්යේෂණ ආයතනය මොණරාගල කුඹුක්කනදී විවෘත වුණා.

ඒ, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන්.

රබර් කිරිවල ප්‍රමිතිය පරීක්ෂා කර බැලීම සඳහා මෙතෙක් කලක් මොණරාගල සිට අගලවත්තට රබර් කිරි සාම්පල එවීමට මොණරාගල රබර් ගොවීන්ට සිදු වුණා.

මේ හේතුවෙන් රබර්වල ප්‍රමිතිය වෙනස්වීම්වලට භාජනය වීම නිසා උසස් තත්ත්වයේ රබර් කිරි නිෂ්පාදනයට ගොවීන්ට බරපතල ගැටළුවක් ලෙස පැවතියා.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන ප්‍රදේශයේ නව රබර් පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කිරීමට පියවර ගනු ලැබුවා.

මොණරාගල දිස්ත්‍රික්කයේ රබර් වගා කර ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර් 16,000ක්. එය හෙක්ටයාර් 50,000 දක්වා ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සැළසුම් කර තිබෙනවා.