Saturday, March 1, 2025

General line - 0115112241

පාසල් දැරියක් දුෂණය කල සැකකරුවෙකු අත්අඩංගුවට.

 හැටන් රංජිත් රාජපක්ෂ  



13 හැවිරිදි පාසල් සිසුවියක් දුෂණය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු නෝටන්බ්‍රිජ් පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන බවයි පොලීසිය සඳහන්  කර සිටියේ.

සැකකරු මීට ප්‍රථම නව හැවිරිදි පාසල් දැරියක් අපයෝජනය කර ප්‍රදේශයෙන් පලාගොස් වසර 10 ක පමණ කාලයක් මාවනැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ලෙස වෙස් වලාගෙන සැගව සිටියදි නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබුනා 

පසුවන සැකකරුව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මාස පහක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබෙනවා 

සැකකරු මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත 30) දින උදැසන හැටන්  පොලිසිය වෙත අත්සන් කිරිමට පැමිණ තිබෙනවා.

පසුව ඔහුගේ ඇපයට අත්සන් කල නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයේ පදිංචි ඇයගේ සොහොයුරිකගේ නිවසට ගොස් සොහොයුරියගේ දියණිය දුෂණය කර ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර දැරියගේ මව විසින් කරන ලද පැමිණිල්ල මත මාර්ග බාධක යොදා සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කර සිටියේ,

දුෂණයට ලක් වුවේ යැයි කියන පාසල් සිසුවිය දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු  හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි නෝටන්බ්‍රිජ් පොලිසිය පවසා සිටියේ,