Tuesday, April 1, 2025

General line - 0115112241

සිය පක්ෂය කුමක්දැයි නොදන්නා බව ඇමති විදුර කියයි



තමන් නියෝජනය කරනු ලබන්නේ කුමන පක්ෂයක් දැයි තමන් නොදන්නා බව අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් තමන්ට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කිරීම ඊට හේතුව බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් සහය දෙන්නේ කුමන අපේක්ෂකයාටදැයි මෙතෙක් තීරණය කර නොමැති බවද නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍ය විදුර වික්‍රමනායක කියා සිටියා.


පවත්නා පසුබිම තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය තවදුරටත් තිබෙන්නේදැයි නෙත් නිවුස් අමාත්‍ය විදුර වික්‍රමනායකගෙන් මෙහිදී විමසා සිටියා.  


රට බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමට ජනතාව කළ කැපකිරීම් සැලකිල්ලට ගනිමින් දේශපාලඥයින් වගකීමෙන් කටයුතු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.