Tuesday, April 1, 2025

General line - 0115112241

බීමතින් දුම්රියක් ධාවනය කළ රියදුරෙකුගේ වැඩ තහනම් කෙරේ



බීමත්ව දුම්රිය ධාවනය කළ රියදුරෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඔහුට එරෙහිව විමර්ශනයක් ද ආරම්භ කළ බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගමනා ගමන එන් ජේ ඉදිපොළගේ පැවසුවේ.

චෝදනාවට ලක්ව ඇති දුම්රිය රියදුරා කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියක එලෙස බීමත්ව රාජකාරියේ යෙදී සිට ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ඉකුත් 30 වනදා පෙරවරු 10.30ට කොළඹ සිට මහනුවර බලා ධාවනය ආරම්භ කර ඇති එම දුම්රියේ රියදුරා මහනුවර නගරයට ආසන්න සුදුහුම්පොළ ප්‍රදේශයේ දී අදාළ දුම්රිය නවතා එයින් බැස පළා යද්දී දුම්රියේ සිටි මගීන් පිරිසක් ඔහු ලුහුබැඳ ගොස් අල්ලාගෙන තිබෙනවා.

පසුව සහයක රියදුරා යොදවා එම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානය තෙක් ධාවනය කර ඇති අතර බීමත් රියදුරාව දුම්රිය ප්‍රවාහන පරීක්ෂක නිලධාරියා මාර්ගයෙන් දුම්රිය ආරක්ෂක අංශයට භාරදීමට පියවර ගෙන තිබුණා.

මෙම සිද්ධිය හේතුවෙන් පස්වරු 01යි 40ට මහනුවරට ළඟාවීමට නියමිතව තිබූ අදාළ දුම්රිය එම දුම්රිය ස්ථානය වෙත ළඟාවී ඇත්තේ පස්වරු 02යි 30ට පමණ බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.