Saturday, March 1, 2025

General line - 0115112241

නව බස් ගාස්තු ක්‍රියාත්මක නොකරන බස් රථ සොයා අද සිට විශේෂ වැටලීම්



නියමිත මුදල ඉක්මවා බස් ගාස්තු අයකරන බස් රථ සොයා අද සිට වැටලීම් සිදු කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

එහි සැලසුම් අධ්‍යක්ෂ කේ එස් සී කරුණාරත්න පැවසුවේ එවැනි බස් රථ සම්බන්ධයෙන් මගීන්ට ද ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි. 


බස් ගාස්තු සියයට 05යි දශම 0යි 7කින් පහළ දැමුනේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි.

ඒ අනුව රුපියල් 30ක්ව පැවති අවම බස් ගාස්තුව ද රුපියල් 02කින් පහළ දැමූ බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.