Saturday, March 1, 2025

General line - 0115112241

ජනපති පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිත කතාව ගැන පක්ෂ විපක්ෂ අදහස්



විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් සිදු කරන්නේ විපක්ෂය කළ ඉල්ලීමකට අනුව බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අඩුපාඩු තිබේනම් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පෙන්වාදිය හැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.


විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන සියලු තොරතුරු ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට හෙළි කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ.


කෙසේවෙතත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙතෙක් සම්පූර්ණ කර නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියා.